ලංකාවේ කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04 හැදෙන්නෙ මෙහෙමයි.

Railway
By Thaya Mar 30, 2021 06:51 PM GMT
Thaya

Thaya

Report

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොළඹ නාගරික කළාපය ආවරණය වන පරිදි කුළුණු මතින් දිවෙන දුම්රිය මාර්ග 04ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට ඊයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රක්ත, හරිත, නීල සහ දම් යනුවෙන් හඳුන්වා ඇති මෙම දුම්රිය මාර්ග 04 ඉදිකරනු ලබන්නේ පෞද්ගලික සහ රජයේ ඒකාබද්ධ සංවර්ධන යෝජනා ක්‍රමයක් යටතේයි.

එහිදී රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා කිලෝමීටර් 42ක දුරක් ආවරණය කෙරෙනු ඇති.

හරිත දුම්රිය මාර්ගය මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ධාවනය කිරීමට නියමිත අතර එම දුම්රිය මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 28ක් වේ.

කිලෝමීටර් 23ක දුරක් දිවෙන නීල දුම්රිය මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ධාවනය කෙරේ.

දම් දුම්රිය මාර්ගය කොළඹ වරාය නගරයෙන් ආරම්භ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා ධාවනය කිරීමට නියමිත බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.