බෝතලෙන් ඇන හෝටල් සේවකයාව මරා දමයි

Police
By Thaya Mar 22, 2021 05:06 PM GMT
Thaya

Thaya

Report

පාරිභෝගිකයකු විසින් බිඳුණු බියර් බෝතලයකින් ඇනීම නිසා තුවාල ලැබූ කුරුණෑගල හෝටලයක සේවකයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම හෝටලයට පැමිණි සැකකරු කෙසෙල් ගෙඩියක් මිලදී ගැනීමට ගොස් ඇති අතර එහි මිල රුපියල් තිහක් බව අසා දැඩි ලෙස උරණ වී ඇති බව වාර්තා වනවා.

හෝටල් හිමියා සහ සේවකයන් සමඟ දබර වී ඇති සැකකරු තර්ජනය කරමින් හෝටලයෙන් පිටවී ගොස් විනාඩි කිහිපයකට පසුව අඩක් හිස් කළ බියර් බෝතලයක්ද සහිතව යළි හෝටලයට පැමිණ තිබෙනවා.

සැකකරු යකඩ වැටක ගසා බියර් බෝතලය බිඳ ආපනශාලා හිමිකරුට පළමුව ඇන ඉන් අනතුරුව හෝටල් සේවකයාටද බෝතලයෙන් ඇන ඇති අතර බෝතල් පහරින් බරපතළ තුවාල ලැබූ සේවකයා රෝහලට රැගෙන යන විටත් මරුමුවට පත් වී සිටි බව පොලිසිය සඳහන් කරනවා.