KDU රෝහලේ දැඩි සත්කාර ඒකක 03ක ඇදන් 36ක් සූදානම් කෙරේ…

covid corona virus Sri lanka Helth
By Sithumi Apr 30, 2021 11:36 AM GMT
Report

ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 27,104ක් මෙරට සිදුකර තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ දිනය තුළ මෙරට වාර්තා වූ ආසාදිතයින් ගණන 1,531 ක්. ඒ අනුව පරීක්ෂණ, ආසාදිත අනුපාතය දැක්වෙන්නේ 17.7 ක් ලෙස බව Institute For Health Policy නම් දත්ත විශ්ලේශන ආයතනය පෙන්වා දෙනවා. මෙම දත්ත වලට අනුව සිදුකළ සෑම PCR පරීක්ෂණ 18 කටම එක් ආසාදිත පුද්ගලයෙකු මෙරටින් වාර්තා වන බව නිගමනය කර තිබෙනවා. මෙම අනුපාතය අනුව රෝගීන් වාර්තා වීමේ අගය ඉහළ යමින් පවතින බවටද එම ආයතනය අනතුරු හඟවනවා