පපුව අල්ලගෙන බිම වාඩි වුණා ශාරීරික අභ්‍යාස වල යෙදුනු හමුදා නිලධාරියා මරුට

pcr test horana dhobagoda army officer galpatha hospital
By Sewvandhi May 07, 2021 03:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අදාළ හමුදා නිලධාරියා ඊයේ උදෑසන 6.50 ට පමණ තවත් සෙබළෙකු සමගින් ශාරීරික අභ්‍යාසවල නියැළෙමින් සිටියදී, ගල්පාත රෝහල ආසන්නයේ ගමන් කරමින් සිටින විට පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර සිටිනවා.

ශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිටි හොරණ දොඹගොඩ යුද හමුදා නිලධාරියකු ඊයේ (06 දා) පෙරවරුවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, හොරණ, දොඹගොඩ, යුද හමුදා යුද්ධෝපකරණ බළකායට අයත්ව රාජකාරි කරන කපිතාන් බී. උපාලි ආනන්ද නමැති මීරිගම, වල්බෝතලේ, මහින්ද මාවතේ පදිංචිව සිටි 51 හැවිරිදි යුද හමුදා නිලධාරියෙකුයි.

අදාළ හමුදා නිලධාරියා ඊයේ උදෑසන 6.50 ට පමණ තවත් සෙබළෙකු සමගින් ශාරීරික අභ්‍යාසවල නියැළෙමින් සිටියදී, ගල්පාත රෝහල ආසන්නයේ ගමන් කරමින් සිටින විට පපුව අල්ලාගෙන බිම වාඩිවී ඇති බවත්, පසුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බවත් සඳහන්.

පී.සීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බැව් සඳහන්.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now