සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක්..හේතුව මෙන්න.

Piliyandala Ajithi Rohana Sanwardhana niladhari Kesbeawa
By Aruna May 17, 2021 02:32 AM GMT
Aruna

Aruna

Report

පිළියන්දල පොලිස් වසමේ ප්‍රදේශයකදී ඊයේ (16) සවස සංවර්ධන නිලධාරිනියකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඇය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව දැල්තර බටහිර ග්‍රාම නිලධාරී වසම භාරව සිටින සංවර්ධන නිලධාරිනියකි.

හුදකලා කරන ලද ප්‍රදේශයක ජනතාවට රුපියල් 5,000ට අදාළ වියළි ආහාර මළු බෙදා දීමෙන් අනතුරුව නිවසට යමින් සිටි අවස්ථාවේදී එම පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එම පහරදීම සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ ආකාරයෙන් පසුගිය දෙසැම්බර් 2වනදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ද අවුරුදු 6ක කාලයක් දක්වා සිරදඬුවමකට යටත් කිරීමට අධිකරණය තීරණය කරනු ලැබූ බවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... https://chat.whatsapp.com/CEGdjnhHF0VDjavVnrqAru