හිරුණිකා අධිකරණයට පැමිණීමට පමා වූ හේතුව පවසයි

Hirunika
By Thaya Mar 10, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් අධිකරණයේ පෙනී සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා සිටියේ සිය සේවාදායකයා තම මාස එක හමාරක බිළිදා සමග අධිකරණය ආසන්නව නවතා තිබූ වාහනයක සිට අධිකරණයට පැමිණෙන අවස්ථාවේ නඩුව කැඳවා තිබූ බවයි. නිසි වේලාවට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇයගෙ නීතිඥවරිය සමාව අයැද සිටි අතර ඒ අනුව ඇය පෙර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කළා.

මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවලට අනෙකුත් විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත් හිටවූ සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරනය නියෝග කළා. ඒ අනූව විත්තිකරුවන් හත් දෙනෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවම් වසර දොළහකට අත් හිටුවීමට මහාධිකරන නියෝග කර තිබුණා. ------------------------

හිරුණිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි... හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය නිකුත් කර තිබු වරෙන්තුව ආපසු කැදවා තිබෙනවා. ඒ ඇය අධිකරණයේ පෙනී සිට සමාව ගැනීම හේතුවෙන්. ඒ අනුව පෙර ඇපමත ඇයව මුදා හැරීමට අධිකරණය නියෝග කළා. තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව අද පෙරවරුවේ අධිකරණයේ පෙනී නොසිටිම නිසායි ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණේ.

------------------------

හිරුණිකාට වරෙන්තු !!! දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කරන ලදී. ඒ ඇයට එරෙහිව පවරා ඇති නඩුව අද දින අධිකරණයේ කැඳවූ අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි .