කොවිඩ් ආසාධිතයන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

Covid-19
By Thaya Feb 17, 2021 05:00 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් අතුරින්ද වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කොළඹ 172 ක් / ගම්පහ 168 ක් / මහනුවර 73 ක් / කලුතර 64 ක් / රත්නපුර 64 ක් / කුරුණෑගල 32 ක් සහ බදුල්ලේ 30 ක් ඊයේ ආසාධිතයන් අතර වුණා. පුත්තලමේ 25 ක් / අම්පාරේ 22 ක් / මාතලේ 18 ක් / අනුරාධපුර 17 ක් / මාතර 15 ක් සහ නුවරඑළියේ 12 ක් ලෙසද ඊයේ ආසාධිතයන් හඳුනාගෙන තිබෙනවා.

ගාල්ලේ 11 ක් / මන්නාරමේ 09 ක් / හම්බන්තොට 07 ක් / පොළොන්නරුවේ 06 ක් / කිළිනොච්චි 03 ක් සහ කෑගල්ලේ 03 ක් ද කොරෝනා රෝගීන් ලෙස හඳුනාගත් බවයි කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ. වව්නියාවේ 02 ක් / ත්‍රිකුණාමලයේ 02 ක් සහ මොණරාගල එකක් ලෙසද ඊයේ ආසාධිතයන් සටහන් වී තිබෙනවා.