මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන අද වාර්තා වෙයි...

Covid-19
By Thaya Feb 18, 2021 07:47 PM GMT
Report

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද (17) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව අද දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13ක්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 422කි. ඉන් 409ක්ම වාර්තා වී ඇත්තේ කොවිඩ් දෙවැනි රැල්ලෙනි. ඒ, 2020 ඔක්තෝබර් මාසයෙන් පසුවය.