සංචාරකයින් හරහා කොරෝනා වෛරස් ප්‍රභේද රට පුරා පැතිරීමේ දැඩි අවධානමක්...සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Corona
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Report

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළුවීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ එම කරුණු අකුරටම පිළිපැදීම ඉතා වැදගත් බවයි.

"ඒ සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් සංචාරක මණ්ඩලයත් එකතු වෙලා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරලා තියෙනවා. ඒ මාර්ගෝපදේශවලට අනුගත වෙමින් එම කරුණු අකුරටම පිළිපැදීම ඉතාම වැදගත්," යනුවෙන් ද එහිදී පෙන්වා දුනි.

මේ අතර යුක්‍රේනයේ සිට සිව්වන සංචාරකයින් කණ්ඩායම රැගත් ගුවන් යානය ද අද (04) දිවයිනට පැමිණීමට නියමිතය.

මත්තල ගුවන්තොටුපොළට එම ගුවන්යානය ළඟාවීමට නියමිතව ඇත.

මේ දක්වා යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.