රටපුරා ප්‍රධාන රෝහල් වල කොරෝනා පොකුරු ඇතිවීමේ ඉහළ අවධානමක්.

Covid-19 Colombo Galle Ratnapura Mahanuwara
By Thaya Jan 07, 2021 10:10 PM GMT
Thaya

Thaya

Report

රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය බලධාරීන් එහි වගකීම භාරගත යුතු බවයි සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොළඹ ජාතික රෝහල, ගම්පහ රෝහල, මහනුවර රෝහල ඇතුළු රෝහල ගණනාවක් මෙම තත්වයන්ට මුහුණ දී ඇති බවයි.