නව වසරේ මාගරින් කන අයට වෙනදේ මෙන්න.
Margarine
By Thaya
ජනවාරි පළමුවැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට ගෙන තිබූ තීරණය සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.
මාගරින් කිලෝවක් සඳහා අය කළ බදු මුදල රජය විසින් රුපියල් 200 සිට 600 දක්වා වැඩි කළ බවත් එය අඩුනොකරන්නේ නම් ජනවාරි 1 වැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සංගමය මුලින් තීරණය කර තිබූ බවත් ජයවර්ධන මහතා පැවැසීය.
මාගරින් සඳහා වැඩි කළ බදු මුදල අඩුකරන ලෙස රජයේ බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබෙන බවත් එම සහනය ලබාදෙනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවත් ඒ මහතා කියා සිටියේය.
රජය මෙයට නිසි ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ජනවාරි මස මැද සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡුා කර බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.