මෙන්න මේ අයට කොරෝනා කියලා හඳුනා ගෙන...

Corona
By Thaya Jan 13, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

ඇමෙරිකා එක්සත් ජනපදයේ, සැන් ඩියෙගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව නිවේදනය කරයි.

කෙසේ වෙතත් මේ වනවිට සතුන් තිදෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, සත්වෝද්‍යානයෙන් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම සතුන් රැකබලා ගන්නා රෝග ලක්ෂණ නොමැති කාර්ය මණ්ඩල සාමාජිකයෙකු නිසා සතුනට වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවට සැක කෙරෙයි.

ඇතැම් මානව නොවන ප්‍රයිමාටාවන් වෛරසයට ගොදුරු විය හැකි බව මීට පෙර කළ පර්යේෂණවලින් හෙළි වී තිබුණද, මහා වානරයන් තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගත් පළමු වැනි අවස්ථාව මෙයයි.

ගෝරිල්ලා සතුන් පවුලක් ලෙස එකට ජීවත්වන බැවින් සියලුම සාමාජිකයන් වෛරසයට නිරාවරණය වී ඇතැයි උපකල්පනය කෙරෙයි.

පසුගිය සතියේ බදාදා සැන් ඩියාගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන් දෙදෙනෙකුට කැස්ස ඇතිවී තිබුණු අතර, ඒ අනුව කරන ලද මූලික පරීක්ෂණයකින් සතුන් දෙදෙනෙකුට වෛරසය ඇති බව ධනාත්මක ප්‍රතිඵල තහවුරු කර තිබුණි. කෙසේ වෙතත් ගෝරිල්ලන්ට මෙයින් කිසියම් බරපතල ප්‍රතිචාරයක් ලැබේදැයි නොදන්නා නමුත් සත්වෝද්‍යානය පැවසුවේ ඒවා දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින බවයි.

"දැනට වෛරසය ඇති බවට හඳුනාගත් සතුන් සහ එම සතුන්ගේ ආශ්‍රිත සතුන් වෙන්කර නිරෝධානය කරන අතර, ඔවුන් සාමාන්‍ය පරිදි ආහාර ගන්නවා. මේ සතුන්ට සම්පූර්ණ සුවය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා." සැන් ඩියෙගෝ සත්වෝද්‍යානය පවසයි. මෙම සත්වෝද්‍යානය දෙසැම්බර් මුල සිට මහජනතාවට වසාදමා තිබේ.