අත්‍යවශ්‍ය ආහාර වර්ග 10කට වෙන්න යන දේ මෙන්න.
අත්‍යවශ්‍යම ආහාර වර්ග 10ක් පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවරගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.
සතොස සමූපකාර සහ කිව් ෂොප් ජාලය හරහා මෙම ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ලූණු, ආර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ස්ථාවර මිලක් යටතේ ලබාදීමට නියමිතයි.
දේශීය නිෂ්පාදකයන්ගෙන් හා ඝෘජු ආනයනකරුවන්ගෙන් ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිලකට ලබාගෙන ස්ථාවර මිලක් යටතේ පෙබරවාරි මාසයේ සිට ජුනි මස දක්වා මාස 06ක කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ අතර ලංකා සතොස ආයතනයේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කර තිබෙන බවද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී බන්දුල ගුණවර්ධන අමාත්‍යාවරයා මෙම අදහස් පළ කළා.