සංචරණ සීමා ගැන පොලිසියෙන් දුන් අලුත්ම දැනුම්දීම මෙන්න.

Covid Curfew Police Agith rohana Isolating
By Aruna May 13, 2021 05:26 AM GMT
Aruna

Aruna

Report

 සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, අද (13) රාත්‍රී 11 සිට 17 වනදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බවයි.

එමෙන් අදාළ කාලය තුළ දී කඩසාප්පු විවෘත කර තැබීම සම්පූර්ණයෙන් තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කළ හැකි බව ද සඳහන්.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමට හැකි බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now