රසට කන්න මෙන්න අදත් හොඳ රෙසිපි එකක්... හදලා කලාම රස බලන්න කෝ...

Recipe
By Thaya Jan 27, 2021 08:27 PM GMT
Thaya

Thaya

Report

ඔන්න අපි අද කට්ලට් ටිකක් හදලා කාලා බලමු ද? මේ දවස්වල ඔයාලත් ගෙදර නම් ඉන්නේ අපි කියල දෙන විදිහට කට්ලට් ටිකක් හදලා කාලම බලන්න කෝ...

සැමන් 300g (පොඩි කරගන්න )

අල 500g(තම්බල පොඩි කරන්න )

ළුණු 500g

කරපිංචා, අමුමිරිස් ටිකක් grinder කරන්න

පිටි batter එක හරි beat කරපු බිත්තර ගන්න තවරගන්න.

බිස්කට් කුඩු

Cream cracker (පොඩිම size එක )

Crisco හරි kritz බිස්කට්

දෙහි ඇඹුල්

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

කහ කුඩු

අමු තුනපහ

ලුණු

රම්පෙ, කුරුදු

ළුණු, කරපිංචා, අමුමිරිස් කුරුදු කෑල්ලක් දාල තෙලේ තෙම්පරාදු කරන්න.

ඒකට තමන්ගේ රස අනුව මිරිස් කුඩු, අමු තුනපහ. කහ, ගම්මිරිස් කුඩු, ලුණු එකතු කරගන්න.සැමන් ටික දාල කලවම් කරලා අල එකතු කරගන්න.

පොඩි බෝල හදලා cream cracker හරි crisco බිස්කට් වලින් හරි අපි සාමාන්‍යයෙන් හදන විදිහට හදාගෙන batter එකේ දාලා බිස්කට් කුඩු දාලා බැදගන්න.මම දෙපාරක් කරනවා ඒකම.

වැඩි හරිය deep freezer එකේ දාලා අවශ්‍ය වෙලාවට ගන්න තියන්න පුළුවන්.

GalleryGallery