සෞඛ්‍ය අමාත්‍යතුමිය සුව අතට
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් පවතින බව ප්‍රතිකාර සේවාවන් ලබාදෙනු ලබන වෛද්‍යවරු පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරියගේ පළමු ආශ්‍රිතයින් සහ එතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න මහතා ඇතුලු සියළු පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින අතර, වෛද්‍ය උපදෙස් මත එම කාර්ය මණ්ඩල PCR පරීක්ෂණ වලට ද ලක් කිරීමට ද පියවර ගෙන ඇත.
එමෙන්ම ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඉන්දියානු රජයෙන් ලැබී ඇති ඇස්ට්‍රා සෙනෙකා කෙව්ඩ් එන්නත මෙරටට ලැබී ඇති අතර, එම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල විධිමත් පරිදි සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී ඇත.