බේකින් සෝඩා භාවිතයෙන් ඔබට ලබාගත හැකි මෙතෙක් නොදැන සිටි සෞඛ්‍ය ප්‍රතිලාභ
බේකින් සෝඩා එහෙමත් නැත්නම් සෝඩියම් බයිකාබනේට් කියලා කියන්නේ කේක් පාන් බනිස් වගේ දේවල් බ් කරද්දී ඉතාම සුලභව භාවිත කරන ද්‍රව්‍යයක්. එහෙමත් නැත්නම් ඉස්කෝලේ විද්‍යාව විෂය සඳහා විවිධ දේවල් කරන්න ඔබ බේකින් සෝඩා භාවිතා කරල ඇති. හැබැයි ගොඩ දෙනෙක් දන්නේ නෑ බේකින් සෝඩා වලින් අපි මේ කියපු වැඩ දෙකට අමතරව තව ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කියලා. ඇත්තම කියනව නම් ආහාර බේක් කරන්න යොදාගන්නවට වඩා වැදගත් ප්‍රයෝජන රාශියක් ඔබට බේකින් සෝඩා භාවිතා කරලා ලබාගන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් අපි අද ඔබට කියන්න යන්නේ බේකින් සෝදා ඔබේ එදිනෙදා ජීවිතය තුල භාවිතා කරල ඔබේ සෞඛ්‍ය තත්වය වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන.
ආමාශයේ දැවිල්ල සුව කරගැනීම සඳහා
ආමාශයේ දැවිල්ල එහෙමත් නැත්නම් අම්ල පිත්තය කියලා කියන්නේ ඔබේ උදරයේ ඇතිවෙන වේදනාකාරී දැවිල්ල තත්වයක්. මේක උදරයේ ඉඳල උගුර දක්වාම පැතිරෙන්න පුළුවන්. ආමාශය තුල අම්ල එකතු වීමෙන් ඇති වෙන මේ තත්වය ආතතිය, අධික ලෙස ආහාර ගැනීම. එකිනෙකට නොගැලපෙන ආහාර ගැනීම වගේ හේතු නිසා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ අපහසුකාරී රෝගී තත්වය ගෙදර තියෙන බේකින් සෝඩා ටිකකින් සුව කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉලංග සැරේ ඔබට බඩේ දැවිල්ල වගේ දැනෙනකොට වතුර වීදුරුවකට බේකින් සෝඩා හඬක් දිය කරල සෙමින් පානය කරන එක. මෙමගින් ඔබේ අංශයේ අම්ල වල ක්‍රියාකාරීත්වය අවම කරලා ඔබට සහනයක් ලබා දෙනවා.
මුඛ සෞඛ්‍ය රැකගැනීම සඳහා බේකින් සෝඩා භාවිතය
ඔබ සාමන්‍යයෙන් මුඛ්‍ය සේදීම සඳහා භාවිතා කරන මවුත් වොෂ් එක වෙනුවට බේකින් සෝඩා භාවිත කරල මුඛ්‍ය සෝදලා බලල තියෙනවද? කරලා නැත්නම් කරන්න තියෙන්නේ බේකින් සෝඩා හැන්දක් මද උණුසුම් වතුර විදුරුවක දිය කරලා හොඳින් කට හෝදන්න. බේකින් සෝඩා වල ස්වභාවය නිසා ඔබට දත් අතර ඇති ඔබ විසින් දත් මැදිමේදී මගහැරුණු සහ ඔබේ බුරුසුවේ කෙඳි වලට ලඟා විය නොහැකි ස්ථාන හොඳින් පිරිසිදු කරනවා.ඒ වගේම බේකින් සෝඩා වල අඩංගු වෙන බැක්ටීරියා නාශක ගුණ නිසා ඔබේ මුඛයේ දුගඳ ඇති කරන නරක බැක්ටීරියා ඉවත් කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ දත් වල අවපැහැ ගතිය නැති කරල දත් වලට සුදු පෙනුමක් ලබා දෙන්නත් බේකින් සෝඩා වලට පුළුවන්
හොඳින් ව්‍යායාම කිරීම සඳහා බේකින් සෝඩා භාවිතා කරන්න
ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමට ශාරීරික ව්‍යායාම වලයෙදීම ඉතාම වැදගත් කරුණක් වෙනවා. ව්‍යායාම වල යෙදෙන බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඉක්මනින් ළඟ කරගැනීමට සහ හොඳින් ව්‍යායාම කිරීම සඳහා විවිධ සප්ලිමන්ට් ප්‍රෝටීන් අතිරේක හෝ වෙනත් දේවල් භාවිතා කරන්න. නමුත් මේ හැමදේකටම වඩා සාර්ථකව ව්‍යායාම අතිරේකයක් විදිහට බේකින් සෝඩා භාවිතා කරන්න පුළුවන් කියලා ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. අධ්‍යන මගින් හෙළි වෙලා තියෙනවා සෝඩියම් බයිකාබනේට් වලට ඔබ ව්‍යායාම කිරීමේ හැකියාව ඉතාම හොඳින් වර්ධනය කරන්න හැකියාව තිබෙන බව.
ඔබේ වකුගඩු හොඳින් පවත්වාගැනීමට බේකින් සෝඩා භාවිතා කරන්න.
පර්යේෂණ වලට අනුව හෙළිවෙලා තියෙනවා බේකින් සෝඩා වලට ඔබේ නිදන්ගත වකුගඩු රෝග ඇතිවීම අඩු කරලා සෞඛ්‍ය වර්ධනය කිරීමේ හැකියාව තියෙනවා කියලා. වකුගඩු ඔබේ රුධිරය පෙරීමේ කටයුතු වලට සම්බන්ධ වෙන නිසා වකුගඩු සෞඛ්‍ය සම්පන්නව තබාගැනීම ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ඉතාම වැදගත්. අධ්‍යනයන් මගින් හෙළි වෙලා තියෙනවා නිදන්ගත වකුගඩු රෝග වලින් පිඩා විඳින වැඩිහිටි පුද්ගලයන් බේකින් සෝඩා අඩංගු සප්ලිමන්ට් දිනපතා භාවිතා කිරීමෙන් ඔවුන්ගේ වකුගඩු අක්‍රිය වීමේ සම්භාවිතාව 36%කින් පමණ අඩු කරගෙන තිබෙනවා කියලා.
ආතරයිටිස් වේදනාව සමනය කිරීම බේකින් සෝඩා භාවිතය
මෑතකදී කල අධ්‍යනයන්ට අනුව රූමැටොයිඩ් ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී බේකින් සෝඩා ඉතාම පලදායි විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේ රෝගය හේතුවෙන් ඔබේ සන්ධි වල වේදනාව ඉදිමීම වගේ තත්වයන් ඇති කරනවා. ඉතින් අධ්‍යනයන වලින් කියන විදිහට බේකින් සෝඩා ජලයේ දිය කරලා පානය කිරීමෙන් මේ සන්ධි වල ඇති වෙන වේදනාව සමනය කරන්න පුළුවන්