කොරෝනා වැළඳුනොත් ලිංගික ජීවිතයට දැඩි ප්‍රශ්ණයක්...පිරිමින්ට අනතුරු දායකයි.
Covid-19
By Thaya
කොරෝනා වැළඳුනු පිරිමින්ගේ ශුකාණු වල ශක්තිය සම්බන්ධයෙන් එම වයිරසය බලපෑම් ඇති කරන බව එක්සත් රාජධානියේ පවත්වන ලද නවතම පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.
ඒ අනුව එම වයිරසය මගින් ඇතැම් පිරිමින්ගේ සරු බව කෙරෙහි බලපෑම් ඇතිකරන බව සඳහන්.
මේ අනුව දරු පිළිසිඳ ගැනීම් වලදී මෙහි බලපෑමක් ඇතැයි මූලික පරීක්ෂණ වලදී පෙනී ගොස් තිබේ. කෙසේ වෙතත් මෙය අවසන් නිගමනයක් නොවන අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ පුළුල් කර තිබේ.
මේ අතර අදාළ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ ඕනෑම වයිරස් රෝගයක් හෝ උණ වැනි වයිරස් රෝගයක් මගින් පවා ශරීරයේ නිපදවන ශුක්‍රානු ප්‍රමාණයේ යම් අඩුවීමක් සති කීපයකට හෝ මාස කීපයකට ඇති විය හැකි බවයි. කෙසේ වෙතත් ශුක්‍රානු මගින් කොරෝනා ආසාදනය වන බව හෝ ශුක්‍රානු වල කොරෝනා වයිරසය අඩංගු වූ බව මේ කිසිදු පර්යේෂණයකින් තවමත් හෙළිවී නොමැත.