උතුරේ හර්තාල්… බස් ගමනාගමනය අඩපණයි.. ජනජීවිතයට බාධා…

north harthal
By Thaya Jan 13, 2021 05:27 PM GMT
Thaya

Thaya

Report

යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා අද (11) උතුරු පලාත පුරා හර් තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කොට තිබුණි.

දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක් විසින් මෙම හර් තාලය සංවිධානය කොට තිබුණි.

මේ අනුව උතුරේ වව්නියාව , මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි වෙළඳසැල් සියල්ලක්ම වසා වෙළෙඳ සංගම් විසින් හර් තාල් ව්‍යාපාරයට සහයොග්ය ලබා දී තිබුණි.

ඊට අමතරව උතුරේ පෞද්ගලික බස් සංගම් විසින්ද හර් තලයට සහය ලබා දෙමින් උතුරු පලාත තුල ධාවනය වන බස් රථ ගමනාගමනයෙන් වැලකී සිටි අතර උතුරු පලාතෙන් පිටත ධාවනය වන බස් රථ පමණක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.

උතුරේ වෙළඳසැල් සහ බස් ගමනාගමනය නොවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට බාධා සිදු වූ අතර බස් රථ ගමනාගමනය නොවීම හේතුවෙන් පාසල් ළමුන්ද පීඩාවන්ට පත් වූහ.

උතුරේ ක්‍රියාත්මක හර්තාලයට සහයෝගය දුන් පිරිස් කියා සිටියේ දෙමළ ජනතාවගේ අයිතියක් වූ යුද සැමරුම් ස්මාරකය ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බැවින් වහාම අදාල යුද ස්මාරකය නැවත ඉදිකිරීමට බලධාරීන් පියවර ගත යුතු බවටය.