හරීන්, රනිල් හමුව සාර්ථකයි.. යලි එක්වෙන්න එකග වේ..

Ranil Wickremesinghe Samagi Jana Balawegaya Sajith Premadasa United National Party
By Thaya Feb 09, 2021 10:05 PM GMT
Report

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතරයි. හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැනුවත්කම මත තමන් එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවී සාකච්ඡා කළ බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රුවන් විජේවර්ධන මහතා සමග ද සාකච්ඡාවක් සිදු කරන බවද ඔහු පැවසීය. ඉදිරියේදී මෙම පක්ෂ දෙක එක එක ලකුණකින් තරඟ කරනවා ද නව සන්ධානයක් දී කරනවා ද යන්න ගැන සාකච්ඡා කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා කව දුරටත් සඳහන් කළේය.