මැයි දින සැමරුම් වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැස්වීම් සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් හා විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.
අදාළ මැයි දින ප්‍රධාන රැස්වීම්, පෙළපාලි සහ උත්සව බහුතරයක් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර, ඒ සමඟම දිවයින පුරා විවිධ ආයතන සහ සංවිධාන විසින්ද මැයි දින සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇති බවද සඳහන් වේ.
මෙම සියලු සැමරුම් සාමකාමී ලෙස පැවැත්වීම සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එමෙන්ම කොළඹ නගරය තුළ සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහාද විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.