රජයෙන් GovPay ගැන මෙන්න සුබ පණිවුඩයක්

Report

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවන් වෙනුවෙන් හඳුන්වා දී තිබෙන ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවී තිබෙන බව වාර්තා වේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේ මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව තිබෙන බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු වෙනුවෙන් 'GovPay'ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී ඇති බව සඳහන්.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

එමෙන්ම බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දී ඇති අතර ඊයේ දිනය වන විට මෙමඟින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇති බව සඳහන්.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසන ලෙස මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසුකිරීම අරමුණ වේ.

ලංකාවේ කෝච්චි ගැන තිත්ත ඇත්තක් එළියට

ලංකාවේ කෝච්චි ගැන තිත්ත ඇත්තක් එළියට

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්