අදාහනය කල කොරෝනා මෘතදේහවලට රජයෙන් වන්දි ඉල්ලයි..
Covid-19
Government
By Thaya
බලහත්කාරයෙන් ආදාහනය කරන ලද කොරෝනා මෘත දේහයන් සඳහා ඔවුන්ගේ ඥාතීන්ට වන්දි ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එහි සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ කොරෝනා අසාදන වී මිය ගිය පුද්ගලයන් භූමදානය කිරීමට අවසර ඉල්ලුවද එය අහිමි වූ පුද්ගලයන්ට මේ සඳහා ඔවුන්ගේ ඥාතීන් රජයෙන් වන්දි ඉල්ලා සිටි යුතු බවයි. මෘතදේහ භූමදානයට රජයේ අවසර ලබා දුන්නේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය හමුවේ බවද ඔහු සදහන් කළේය. ගාල්ලේ දී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.