සෞඛ්‍ය ඇමති තුමිය කොවිඩ් වැළැක්වීමේ රජය සැලැස්ම ප්‍රකාශ කරයි.

Pavithra wanniarachchi
By Sithumi May 04, 2021 02:18 PM GMT
Sithumi

Sithumi

Report

මෙම වසර අවසන්වීමට ප්‍රථම මෙරට ජනගහනයෙන් සියයට 63 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණ කටයුතු සිදු කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පිළිබඳ විශේෂ කල්තැබීමේ විවාදයක් අද (04) පාර්ලිමේන්තුවේ දී පැවති අතර ඊට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

"අද දිනයේ සිට අපි පටන් ගන්නා ස්පුට්නික් එන්නත මගින්, මෙම සතිය තුළ ආරම්භ කරන එන්නත් ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට අපට හැකියාව ලැබෙනවා. දැනට කොවිඩ් රෝගීන් සඳහා දල වශයෙන් ඇඳන් 13,800ක් රෝහල් තුළ අපි වෙන්කර තිබෙනවා. ඉදිරි සති 2 තුළ තවත් ඇඳන් 10,000ක් අපි වෙන් කරනවා. දැනට අපේ රටේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව ටොන් 25යි. එහෙත් ඔක්සිජන් ටොන් 80කට ධාරිතාව වැඩි කිරීමේ හැකියාව අප සතුයි."

‍විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා සඳහන් කළේ, "ලෝකයේ රටවල් පුළුවන් තරම් එන්නත් ලබා ගත්තා. අපේ රටේ මුට්ටි සෙල්ලමයි. පැණි සෙල්ලමයි." යනුවෙනි. රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,"ඉන්දියාවේ වසංගතයත් සමග අවශ්‍ය එන්නත් ටික දෙන්න බැරි වෙනවා. ඒ නිසා අපිට ලක්ෂ 6ක එන්නත්වල ගැටලුවක් තියෙනවා. අපි ඒක හංගන්න දෙයක් නෑ. ඒක රජයේ වරදක් නෙමෙයි." යනුවෙන් සඳහන් කළාය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now