රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් රජය ගත් තීරණය මෙන්න.

Sri lanka Shavendra silva Provinsial Government officer Qurantine
By Aruna May 12, 2021 04:25 AM GMT
Aruna

Aruna

Report

 පළාත් අතර සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ආයතන වෙත සේවකයන් ගෙන්වා ගැනීමේදී හැකිතාක් පිට පළාත්වල සේවකයන් ගෙන්වීම අවම කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර සේවා අවශ්‍යතා අනුව රාජකාරි සඳහා පැමිණීමේදී පළාත් අතර ගමන් කිරීමට සිදුවන රජයේ සේවකයින්ට ඒ සඳහා ගමන් කිරීමට අවශ්‍ය අවසරය ආයතන ප්‍රධානීන් විසින් ලබාදිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now