එල්ටීටීඊ සංවිධානය සිදුකළ යුද අපරාධ 600 ක් ඇතුළත් ලියවිල්ලක් රජය ලෝකය පුරා යවයි

Government
By Thaya Jan 30, 2021 05:54 PM GMT
Thaya

Thaya

Report

එල්ටීටීඊ සංවිධානය සිදුකළ යුද අපරාධ 600 කට අදාළ ලියවිල්ලක් ශී‍්‍ර ලංකා රජය මුල්වරට විදේශ රටවලට යවා ඇත. මෙලෙස මෙවැනි ලියවිල්ලක් විදේශ රටවලට යැවීම කිසිදු ආණ්ඩුවක් මෙතෙක් කි‍්‍රයාකර නොතිබිණි.

ශී‍්‍ර ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවී ඇති අවස්ථාවේ කොටි අපරාධ ගැන තොරතුරු මෙතෙක් වසන්වී තිබිණි. මගීන් 55 ක් රැගත් ගුවන් යානාවක් මිසයිල ප‍්‍රහාරයකින් විනාශ කිරීම, දේශපාලකයන් 120 ක් ඝාතනය කිරීම, හමුදා සහ නාවික භටයන් 25 ක් මරා පිළිස්සීම, ගාමිණී දිසානායක, ආර්. පේ‍්‍රමදාස, රජිව් ගාන්ධි ඝාතනය ඇතුළු අපරාධ රැසක තොරතුරු මෙම ලියවිල්ලට ඇතුළත්වී ඇතිි බව වාර්තාවේ.