ආණ්ඩුව කඩිනම් මැතිවරණයකට සූදානම්

Government
By Thaya Mar 13, 2021 07:05 PM GMT
Thaya

Thaya

Report

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දීයි.කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව, පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කළා.

මහජන නියෝජිතයන් නොමැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වනවා. එබැවින් මෙම තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ රටේ ජාතිකත්වයට, දේශීයත්වයට හා ආරක්ෂාවට මුල් තැන දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති සහ ජනතාවට වූ පොරොන්දු ඉටු කරමින් ගත වූ මාස 15ක කාලය තුළ ආණ්ඩුව තීරණ ගත් බවයි.