රජය මුදල් වංචා කරමින් රටේ මූල්‍ය හිගයක් මවනවා

Government
By Thaya Feb 07, 2021 08:47 PM GMT
Thaya

Thaya

Report

වර්තමාන රජය විසින් මහා පරිමාණ මුදල් වංචා සිදුකරමින් සිටින බව සමගි ජන බලවේගය චෝදනා කරනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසූවේ මුදල් වංචා සිදුකරමින් රටේ මූල්‍ය හිගයක් නිර්මාණය වී ඇති බව පෙන්වීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවයි. මහ බැංකු මංකොල්ලයට වඩා විශාල පාඩුවක් වත්මන් ආණ්ඩුව විසින් සිනි මැදින් සිදු කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා. මහ බැංකු මන්කොල්ලයෙන් ආණ්ඩුවට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ මුදල් මහා බැංකුවේ තැන්පතුවල ඇති බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

මහා බැංකු මංකොල්ලකරුවන් යයි කියන පුද්ගලයන් වරදකරුවන් වුවහොත් ඔවුන්ගේ බිලියන 12ක මුදලක් රජයට හිමිවන අතර එහිදී කිසිඳු පාඩුවක් සිදු නොවන බව පෙන්වා දෙන ඒ මහතා සිනි මගදියේ දී බිලියන 13ක පාඩුවක් සිදුව ඇති බවත් හිතවතුන්ට ලබා ගැනීම සඳහා බදු මුදල අඩු කර විශාල පාඩුවක් සිදු කර ඇති බවද පෙන්වා දුන්න. එමෙන්ම එම පාඩුව පියවා ගැනීමට හැකියාවක් ආණ්ඩුවට නොමැති බවද කොළඹදී පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියා.