අලුත් අවුරුද්දට රුපියල් 5,000 දීමනාව ලබා දීමට රජයෙන් තීරණයක්

Government New Year
By Thaya Apr 10, 2021 06:49 PM GMT
Report

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ. අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියා.