ජිනීවා තියරිය අනුය ජනාධිපතිවරණයෙන් ගෝටාභය ඡන්ද ලක්‍ෂ 95කින් පරාදයි…

Gotabaya Rajapaksa
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Thaya

Thaya

Report

දිනේෂ් ගුණවර්ධන මහතාගේ ජිනීවා න්‍යාය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95කින් පරාද බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටි සියලු දෙනා තම පාර්ශ්වයට එක්කර ගන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලැබී ඇත්තේ 69 ලක්ෂයක් බවත් ඉතුරු ලක්ෂ 95ක්ම ඡන්ද ඔහුට ලබාදී නැති බවත්ය.

ජිනීවාහිදී ඡුන්දය භාවිත නොකල පිරිස ශ්‍රී ලංකාවට පක්ෂපාතී පිරිසක් ලෙස හඳුන්වාදීම විහිළුවක් යැයි ද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද මෙලෙස අදහස් දක්වා සිටියා...