වාහන ගන්න ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්..

Vehicle
By Thaya Feb 25, 2021 05:48 PM GMT
Thaya

Thaya

Report

විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. ආනයන සීමා පනවද්දී රට තුළ අවුරුදු දෙකකට සරිලන වාහන තිබූ බවද ඇමැතිවරයා කීවේය. විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට උපයෝගී කරගත් පියවරක් ලෙස තමයි මෝටර් රථ ඇතුළු තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කළේ. ආනයන සීමා පැනවීමට පෙර නැව්ගත කළ වාහන වරායේ ගොඩ ගැසී තිබීම නිසා ඇතිවූ තදබදය සමනය කළා. අපට හැකි අවස්ථාවල ආනයනකරුවන්ට සහන සලසා දුන්නා.

මේ වසර අවසානය වෙද්දී ඒ ගැන සලකා බලන්න පුළුවන්. මේ ආනයන සීමා පනවා තියෙන්නේ තාවකාලිකවයි. 2014 දී ලංකාව ගෙවීමට තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය බිලියන 05 ක් . රටේ සංචිත ප්‍රමාණය බිලියන 8 ක් සහ පොලී අනුපාතය 5.71% ක්. එසේම පොලිය ලෙස ගෙවීමට සිදු වූ ප්‍රමාණය මිලියන 285 ක්. ඒ සඳහා වෙන් කිරීමට සිදු වූ මුදල බිලියන 37.3 ක්. මෙරට ජාත්‍යන්තර බැඳුම්කරවල ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 6.73 ක් පමණ වුණා