ඥානසාර හිමිගේ සත්‍යග්‍රහය අතරේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් පැමිණෙයි

Pakistan Gnanasara Thera
By Thaya Mar 12, 2021 06:45 PM GMT
Report

යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් මහා සංඝරත්නයේ සත්‍යග්‍රහය පැවැත්වෙන අතරවාරයේ පාකිස්ථාන ධජ සහිතව පිරිසක් නිදහස් චතුරශ්‍රය අසළට අද පැමිණ සිටියේ ය. පැමිණ සිටි පිරිස පවසා ඇත්තේ, පකිස්ථාන තානාපති කාර්යාලයේ සැමරුම් උත්සවයක් සඳහා නිදහස් චතුරශ්‍රය අසළට පැමිණි බව බවය. එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු දුරකතනයෙන් කිසියම් අයෙකු සම්බන්ධ කර දීමෙන් පසු පැමිණි පිරිස පිටව ගියේ ය. මෙහි DP අකුරු සඳහන් මෝටර් රථය හා මෙම සිදුවීම සම්බන්ධයෙන් අප පකිස්ථාන තානාපති කාර්යාලයෙන් විමසීමක් කළේ ය. ඊට මෙතක් ප්‍රතිචාරයක් ලැබී නොමැත.