පියල් නිශාන්ත නිසා නිරෝධායනය වන ජී.එල් පීරිස් ටයර් කම්හලේ උත්සවේටත් ඇවිත්

Covid-19 Quarantine
By Thaya Jan 19, 2021 02:23 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ

අධ්‍යාපන ඇමතිවරයා අද දින නැවත පාසල් විවෘත කිරීමේ සැලසුම ගැන හා ඔක්ස්ෆර්ඩ් එන්නත ලංකාවට ගෙන්වන්නට යන බව පවසමින් රැස්වීමක්ද පැවැත්වූ අතර රාජ්‍ය ඇමති පියල් නිශාන්තට ආසාදිත බව දැනගත් පසු මෙම වෙනසට ලක්ව තිබේ.

මේ අතර රාජ්‍ය ඇමති පියල් නිශාන්ත කළුතර නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුවූ නිසා පසුගියදා හොරණ ටයර් කම්හල විවෘත කරන උත්සවයට එක්වූයේය. එම අවස්ථාවේත් ඔහුගේ ශරීරයේ වෛරසය පවතින්නට ඇති බවට සැක කෙරේ. එම උත්සවයට ජනපති, ඇමති විමල් ඇමති අමරවීර ඇමති රමේෂ් ඇමති රෝහිත ඇතුළු මැතිඇමතිවරුන් රැසක්ද සහභාගී වූහ.


Gallery