ගුවනින් ආ ත්‍යාග පාර්සලය

air gift parcel jamaica cocaine narahenpita
By Sewvandhi Apr 27, 2021 01:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජැමෙයිකාවේ සිට පෞද්ගලික ත්‍යාග පාර්සලයක් ලෙස ගුවන් තැපැල් ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පාර්සල් බෙදාහැරීම සිදුකරන ආයතනයක් වෙත අදාළ පාර්සලය ලැබී තිබුණි.

මෙම පාර්සලය මීට සතියකට පමණ පෙර ලැබී තිබූ අතර ඒ පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් පාර්සලයේ අයිතිකරු ලෙස සඳහන් කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු කැඳවා ඔහු ඉදිරිපිට මෙම පාර්සලය විවෘත කර තිබේ.

එහිදී මෙම පාර්සලය තුළ රුපියල් ලක්ෂ 25ක් වටිනා කොකේන් ග්‍රෑම් 95ක් තිබී සොයාගෙන ඇත.

පසුව කොකේන් මත්ද්‍රව්‍ය තොගය සමග අදාළ පාර්සලය භාරගැනීමට පැමිණි පුද්ගලයාව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගගයා සංචාරක මගපෙන්වන්නෙකි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi