හිටපු ක්‍රිකට් ක්‍රීඩක අගමැතිගෙන් නාමල්ට ලැබුණ තෑග්ග මෙන්න..

Namal Rajapaksa Imran Khan
By Thaya Feb 25, 2021 05:50 PM GMT
Report

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත ත්‍යාගයක් පිරිනමනු ලැබුවා. ඒ අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සහක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත පවත්වනු ලැබූ දිවා භෝජන සංග්‍රහය අතර වාරයේදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලුම මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සහ මෙරට ක්‍රීඩා කේෂ්ත්‍රය නියෝජනය කරමින් ක්‍රීඩකයින් ද එක්ව සිටියා. මෙම දිවා භෝජන සංග්‍රහයේ දී පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් තමන් විසින් අත්සන් තබන ලද ක්‍රිකට් පිත්තක් සිහිවටනයක් ලෙස ලබා දෙනු ලැබුවා.


GalleryGallery