ජිනීවා කොමිසම හා ආණ්ඩුව ඩීල් එකක.. දඬුවම් නැත්තේ ඒකයි…

Government
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශ සහ නිර්දේශ වලින් වාසි ලබා ගෙන ඇත්තේ ජාතිවාදීන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. එනිසා එම කොමිසම සහ ආණ්ඩුව අතර ඩීල් එකක් ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා පැවැසීය. වසරකට වතාවක් මාර්තු මාසයේ එම කොමිසම වාර්තාවක් නිකුත් කරන බවත් ආණ්ඩුව එමගින් යැපෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි. එම පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.