දුම්රිය සාමාන්‍යාධිකාරිවරයකු වහාම පත්කළ යුතුයි

Railways
By Thaya Mar 17, 2021 07:18 PM GMT
Report

දුම්රිය දෙපාර්තුමේන්තුවේ තත්ත්වය ඉතාමත් බරපතල බැවින් අනුගමනය කළ ක්‍රමවේදයට අනුව ස්ථිර දුම්රිය සාමාන්‍යාධිකාරී වරයකු පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පි .විතානගේ මහතා පවසයි.

මෙතෙක් දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා වශයෙන් සිටි අය පසුගිය 04 වැනිදා වයස අවුරුදු 60 සම්පුර්ණ වී විශ්‍රාම ගනු ලැබුවා.නමුත් මෙතෙක් ස්ථිර දුම්රිය සාමාන්‍යාධිකාරි වරයකු රජය මගින් පත්කර නොමැත. දැන් දුම්රිය සේවයේ තත්ත්වය ඉතාම බරපතලයි. ස්ථීර දුම්රිය සාමාන්‍යාධිකාරී වරයෙකු නොමැති වීම නිසා තීන්දු තීරණ ගැනීමේ දී වගකීම් රහිතව කටයුතු කිරීම දුම්රිය සේවයේ විනාශයට තවත් හේතුවක් විය හැකියි.

එබැවින් දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය අනුගමනය කරමින් ස්ථීර දුම්රිය සාමාන්‍යාධිකාරී වරයෙකු කඩිනමින් පත්කරන ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද විතානගේ මහතා වැඩිදුරටත් පැවසුවේය.