පොල්තෙල් සමග ෆාම් තෙල් මිශ‍්‍ර කිරීමට ගැසට්ටුවක්…

Oil
By Thaya Feb 11, 2021 02:30 PM GMT
Thaya

Thaya

Report

පොල්තෙල් සමග ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම සදහා පසුගිය ආණ්ඩුව විසින් නීතියක් සම්මත කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි. මෙමගින්් පිළිකාකාරක ඇතුළු නුසුදුසු මේද අම්ල කොටස් ශරීරයට එක් වන බව වෛද්‍යවරුන්ගේ මතය දී ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරියේදී ක‍්‍රියාමාර්ගයක් ගන්නේදැයි මන්ත‍්‍රීවරයා වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. ඊට ප්‍රතිචාර ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ තමන්ට පූර්ව අමාත්‍යවරයා යටතේ එම අමාත්‍යාංශයේ සිදුවූ බොහෝ කාරණා ගැන පරීක්ෂණ සිදුවෙමින් ඇති බවයි.

එතෙක් ඒ සම්බන්ධයෙන් යමක් කිව නොහැකි බවත ඔහු පැවසීය.