වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල වැඩි කරයි..නව මිල ගණන් මෙන්න.
By Aruna
වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
මිල සූත්‍රයට අනුව ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව මෙම සංශෝධනය සිදුකළ බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4,360 ක් ලෙසයි.
එමෙන්ම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 30 කින්.
එම සිලින්ඩරයක නව මිල රුපියල් 1,750 ක්.
කිලෝග්රෑම් 2.3 සිලින්ඩරයක නව මිල රුපියල් 815 ක් වන අතර, ඒ අනුව එහි මිල වැඩිවීම රුපියල් 15 ක් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |