ගාල්ල දිස්ත්‍රික් ප්‍ර.සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

galle psd trade union
By Thaya Dec 27, 2020 11:23 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 28 වැනිදින සිට සිය රාජකාරි කටයුතු වලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනිමට තින්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ටම් සිල්වා මහතා බැන තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ලිඛිතව සමාව ඉල්ලා සිටියයුතු බවද ඒ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විමට තිබු බවත් එම සාකච්ඡාවද සදුදා දින දක්වා කල්ගිය බවද මංජුල ද සොයිසා මහතා පවසයි.

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනා තවදුරටත් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සේවයට වාර්තා නොකර සිටිමට තින්දුකොට ඇති බව බවද හෙතෙමෙ පවසයි.

28 වැනිදින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශඛාවේ සියලුම ශාඛා සංගම්, සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන විශේෂ සාකච්ඡාවේදි කරාපිටිය රෝහල ඇතුල ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් තම සෞඛ්‍ය ආයතන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන අයුරු සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවද ඒ මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලුදිස්ත්‍රික් විධායක කමිටු විශේෂ සාකච්ඡාවේ දි මෙම තිරණවලට එළඹුන බවද හෙතෙම පවසයි. වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති බවද ඒ මහතා සදහන් කළේය.

මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) උදැසන 11.00ට දේපාර්ශවයේ සහභාගිත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ දි සාකඡාවක් පැවැත්විමට නියමිතව ඇත.