ගාල්ලට සහ මහනුවරට කරට කර තරගයක්.... ජය දකුණට ද ? කන්ද උඩරටට ද?

sri lanka galle kandy gagana
By Wasantha Apr 28, 2021 06:06 AM GMT
Wasantha

Wasantha

Report

ගගන අවුරුදු උදානය අවුරුදු කුමරා සහ කුමරිය මෙන්ම සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය අවසන් වීමට තවත් දින දෙකක කාලයක් ඉතිරි වී තිබෙනවා.

මෙම තරගය පසුගිය 14 වනදා ආරම්භ වූ අතර දිවයිනේ ප්‍රදේශ රැසකින් තරගකරුවන් මෙම තරග සඳහා යෙදුම් කර තිබුනා. මෙය තරග කාණ්ඩ 4ක් යටතේ පැවෙත්වෙන අතර තරග කොන්දේසි ලෙස වයස අවුරුදු 17 - 26 අතර තරගකරුවන් මුහුණු පොතේ like 5000ක් සහ share 500ක් ලබාගත යුතු වනවා.

එමෙන්ම සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තරගයට සහභාගී වන තරගකරුවන් මුහුණු පොතේ like 3000ක් සහ share 300ක් ලබාගත යුතුයි. කෙසේ වෙතත් වයස අවුරුදු 17 - 26 කාණ්ඩ යටත් පිරිමි ළමුන්ගේ අවුරුදු කුමරා තරගය මේවන විට තරගකරුවන් තිදෙනෙකු අතර වඩාත් උණුසුම් වී තිබෙනවා.

ඒ ගාල්ල නියෝජනය කරන තරගකරුවන් දෙදෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ගෙලිඔය ප්‍රදේශය නියෝජනය කරන තරගකරුවෙකු අතරයි. මේ අතර සිඟිති අවුරුදු කුමරිය තරගේයේද යම් උණුසුම් තත්ත්වයක් දැකිය හැකි අතර කැලණිය එඩේරමුල්ල ප්‍රදේශයේ සහ මහබාගේ ප්‍රදේශයේ තගකාරිනියන් දෙදෙනෙකු අතරයි මෙම උණුසුම හටගෙන ඇත්තේ.

තරගය අවසන් කිරීමට තවත් දින දෙකක කාලයක් ඉතිරිව ඇති අතර එම කාල සීමාව තුල ඔබට අපගේ තරංග කොන්දේසිවලට අදාලව වැඩියෙන් like සහ share ලබාගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ හිතමිතුරන් හමුවේ ඔබගේ විස්තර බෙදා හරිමින් මෙම තරගයේ ජය ඔබට හිමි කර ගන්න .