නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කරලා

Environment
By Thaya Apr 03, 2021 08:04 PM GMT
Thaya

Thaya

Report

නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමට පියවර ගත් බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය. දැවි තෙල් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන 23 ක් වෙත බලය හිමිව ඇති අතර ඉන් ආයතන දෙකක් දැවිතෙල් ගබඩා කිරීමේ කටයුතු සිදුකරයි. නැව් මගින් බැහැර කරන දැවිතෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට පරිසරවේදීන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියාමන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදී තිබුණි.

ඊට අදාළව GPS තාක්ෂණය ඔස්සේ නියාමන කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය. එම නියාමන කටයුතු ඔස්සේ නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් හඳුනාගෙන තිබේ. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ අතර තවදුරටත් අදාළ නියාමක කටයුතු සිදු කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.