අද සිට වාහන පදවන අය දැඩි අවධානයෙන් සිටින්න...කිසිදු සමාවක් නැහැ.

Police Drivers
By Thaya Mar 22, 2021 05:06 PM GMT
Thaya

Thaya

Report

අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බව සඳහන් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් - 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව පැවසීය.

රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇතැයි ද සඳහන් කළේය.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.