නොමිලයේ movies නැරඹිය හැකි Tubi සේවාව ඔවුන්ගේම shows සහ movies හඳුන්වාදීමට තීරණය කරයි

Tubi
By Thaya Mar 16, 2021 06:12 PM GMT
Thaya

Thaya

Report

Netflix, Amazon Prime වැනි තවත් streaming සේවාවක් වන Tubi සේවාව මේ වන විට ලොව පුරා ජනප්‍රිය වන අතර මෙයට ප්‍රධානතම හේතුව වන්නේ මේ හරහා movies නැරඹීම සඳහා කිසිඳු ගාස්තුවක් ගෙවිය යුතු නොවීමයි. 2020 වර්ෂයේ අප්‍රේල් මාසයේදී ලෝක ප්‍රසිද්ධ Fox Corporation එක විසින් ඩොළර් මිලියන 300කට මිලදීගනු ලැබූ අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට පරිශීලකයින් මිලියන 33ක් පමණ මෙම සේවාව සමඟ එකතු වී සිටියා.

මේ දක්වා Fox ආයතනයට ඔවුන්ගේම streaming සේවාවක් නොතිබුණු අතර මේ Tubi සේවාව හරහා ඔවුන්ගේ පැරණි චිත්‍රපට ගණනාවක් නොමිලයේ නැරඹීමේ හැකියාව ලබාදීමට Fox ආයතනය සූදානමින් සිටිනවා. මීට අමතරව Netflix, Amazon Prime, Apple TV වැනි සේවාවන් මෙන්ම, Tubi original shows එළිදැක්වීමට ද Fox සමාගම අපේක්ෂා කරනවා. මෙම shows හෝ movies අනෙකුත් සේවාවන් වල මෙන් විශාල ලෙස මුදල් යොදවා නිෂ්පාදනය නොකෙරෙනු ඇති නමුත්, ඒවා සතුටුදායක මට්ටමක පවතිනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. දැනට ගත වන මූල්‍ය වර්ෂය තුලදී ඇමෙරිකානු ඩොළර් මිලියන 300ක පමණ මුදලක් advertisement පෙන්වීම හරහා උපයාගැනීමට ඔවුන් අපේක්ෂා කරනු ලබනවා.