යතුරුපැදිය බෝක්කුවේ ගැටී දාහතර හැවිරිදි දරුවා මරුට
Accident
By Thaya
මහව රාහුල මාවතේ සිදුවූ යතුරුපැදි අනතුරකින් දහහතර හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ඇතැයි මහව පොලිසියේ රථ වාහන අංශය පවසයි. පෙරේදා (28 දා* දින පස්වරුවේ තමා ධාවනය කළ යතුරුපැදිය බෝක්කුවක ගැටීමෙන් මෙසේ මියගොස් ඇත්තේ පී. එච්. අරෝෂ ලක්මාල් යන අයයි. ඔහු මහව රාහුල මාවතේ පදිංචිව සිට ඇත. මියගිය අරෝෂ යාපහුව මහ විදුහලේ නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය. තම නිවසට අවශ්‍ය දේ රැුගෙන ඒමට නිවස අසල තිබූ වෙළෙඳසැලකට ගොස් එමින් සිටියදී ඔහු පැදවූ යතුරුපැදිය මාර්ගයේ බෝක්කුවක ගැටි මෙම අනතුර සිදුව තිබේ. ආරක්ෂිත හිස් ආවරණයක් පැළඳ සිටිය ද එය ආරක්ෂිත ලෙස පැළඳි නොසිට ඇතැයි ගැමියෝ පැවසූහ. මහව මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ