ආරච්චිකට්ටුව ප්‍රධාන මාර්ගයේ වාහන 04ක් ගැටෙමින් බිහුසුණු අනතුරක් සිදුවූ අයුරු

Accident
By Thaya Apr 01, 2021 08:28 PM GMT
Report

හලාවත, පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාහන 4ක් ගැටීමෙන් ආරච්චිකට්ටුව ප්‍රධාන නගරය ආසන්නයේදී ඊයේ පස්වරුවේ අනතුරක් සිදුවී තිබුණා. පුත්තලම සිට හලාවත දෙසට අධික වේගයෙන් ගමන් කළ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කළ ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මාර්ගය අසල තිබූ පාපැදියක ද ගැටුණා. අනතුර සිදුවන අයුරු CCTV කැමරාවකද සටහන්ව තිබෙනවා. මෙම අවස්ථාවේදී පාපැදියේ සිටි අඹුදැමි යුවළක්ද දිවි ගලවා ගැනීමට සමත් වූ අතර තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිඛෙනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ආරච්චිකට්ටුව පොලිසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක‍ෂණ සිදුකරනු ලබනවා.