ගුවන් යානයක් කඩා වැටී පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු මරුට.

Plane
By Thaya Jan 25, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

බ්‍රසීල පාපන්දු ක්‍රීඩකයින් සිව් දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

බ්‍රසීලයේ ටොකැන්ටින්ස් ප්‍රාන්තයේ ගුවන් ධාවන පථය අවසානයේ යානය ගුවන් ගත වීමේදී අනතුරට ලක්ව මොවුන් මියගොස් තිබේ.

එරට පැල්මාස් (Palmas FC) ක්‍රීඩා සමාජයේ අයත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ක්‍රීඩකයින් තරගාවලියක් සඳහා ගොස් ඇති අතර එහිදි සිදුකළ කොවිඩ් පරීක්ෂාවන්හිදී ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් යළි පැමිණෙමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

එම අනතුරින් ක්‍රීඩකයින්ට අමතරව ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ගුවන් නියමුවරයා ද මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුරින් කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැති බව වාර්තා වනවා.


GalleryGallery