රාත්‍රියේ කොළඹ ඇවිද්දාට තරුණියන් 4 දෙනෙකුට දඩයක් ගෙවැන්නැයි නියෝග

fine for walking
By Thaya Mar 12, 2021 07:45 PM GMT
Report

රාත්‍රී කාලයේ කොළඹ නගරයේ ඇවිදිමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් සිව් දෙනෙකුට රුපියල් 50 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 12 නියෝග කළා.

කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ පාදඩ ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින්. රුපියල් 200 ක් දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව තරුණියන් සිව් දෙනා නිදහස් කෙරුණා.