නිෂ්පාදනාගාර හතරක් සුරාබදු නිලධාරීන්ට කොටු
වරකාපොළ ,දොරවක හා අල්ගම ප්‍රදේශයන්හි දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හතරක් සහ කසිප්පු විකිණීමේ මධ්‍යස්ථාන දෙකක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 06 දෙනෙකු කෑගල්ල සුරාබදු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 9,500 ක් ,දගර ,බැරල් ඇතුළු උපකරණ තොගයක් සොයාගත් බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. සුරාබදු නිලධාරීන්හට මහජනතාවගෙන් ලද තොරතුරු මත සිදු කළ වැටලීමේදී අවුරුදු 34,38,41,48 යන වයස් කාණ්ඩවල පසුවන වරකාපොල ,දොරවක හා අල්ගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පවසයි.
අදාල සැකකරුවන් නිෂ්නාදිත මත්පැන් ඉතා රහසිගතව වරකාපොල ප්‍රදේශය අවට බෙදා හරින බවත් සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී තිබේ. මත්පැන් සමගින් අත්අඩංගුවට ගත් සැකකරුවන්සුරාබදු ඇපමත මුදාහැර ඇති අතර මාර්තු මස 01 දින හා 08 වැනි දින වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. . සබරගමුව පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ශාමන් රත්නායක සහ කෑගල්ල සුරාබදු අධිකාරි තිස්ස කුමාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ,කෑගල්ල සුරාබදු ස්ථානාධිපති නිමල් ශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරුන්වන ආර්.එම්.එම්.කේ. රත්නායක , සුරාබදු සැරයන් 724 පී.සී. රාජපක්ෂ , සුරාබදු කෝප්‍රල් 964 රසික පියතිලක , සුරාබදු නියාමක 1160 මහේෂ් රත්නායක ,රියදුරු පතිරාජ යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ..