සයිබර් අපරාධවලට සැකපිට තවත් විදෙස් ජාතිකයින් පිරිසක් ගාල්ලේ දී කොටු
පරිගණක අපරාධ සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයින් 23දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ගාල්ල වරාය, මාගල්ල හා සම්බෝධි හන්දිය අසල ප්‍රදේශවලදී ය .
ගාල්ල වරාය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21ත් 47ත් අතර වයස්වල පසුවන ඉන්දීය සහ නේපාල ජාතිකයින් බව වාර්තා වේ සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10ක්, ජංගම දුරකථන 32ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි